ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විසින් සංවිධානය කල 13 වැනි පාලි හා බෞද්ධ අධ්‍යයන අන්තර්ජාතික සමුළුව 2017 දෙසැම්බර් මස 06 වනදා විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඩී. පී. එස්. චන්ද්‍රකුමාර මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූ අතර ප්‍රධාන දේශනය ජපානයේ කියෝතෝහි බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැෂිරෝ ටෙරුවාකි මහතා විසින් පැවැත්විය.











































