91ý

Vacancy- POST OF PROCTOR

විනයාධිකාරී තනතුර (POST OF PROCTOR)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විනයාධිකාරී (Proctor) තනතුර සඳහා සුදුසුකම්ලත් අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

විනයාධිකාරී, පාලක සභාවේ විධානයට හා පාලනයට යටත්ව උපකුලපතිතුමාගේ උපදෙස්වලට අනුකූලව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ විනය භාරව කටයුතු කළ යුතුය. විනයාධිකාරිගේ බලතල, කාර්යය හා කර්තව්‍ය, ශිෂ්‍ය විනය පිළිබඳව 1986 අංක 01 දරණ අතුරු ව්‍යවස්ථාවේ 5.9 හි සඳහන් වේ.

මූලික සුදුසුකම් :-

  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය II ශ්‍රේණිය හෝ ඉහළ ශ්‍රේණියක ආචාර්යවරයෙකු වීම.

තෝරා ගැනීමේදී පහත සඳහන් සුදුසුකම් සැලකිල්ලට ගනු ලැබේ.

  • නීතිවේදී/ වෙනත් නීති අධ්‍යයන සුදුසුකම්
  • පීඨාධිපති/ අධ්‍යයනාංශ ප්‍රධාන තනතුරක සේවා පළපුරුද්ද
  • විනයාධිකාරී/ නියෝජ්‍ය විනයාධිකාරී තනතුරක සේවා පළපුරුද්ද
  • නේවාසිකාගාර පාලක / නේවාසිකාගාර උප පාලක (අධ්‍යයන) ශිෂ්‍ය සුබසාධක අධ්‍යක්ෂ/ සුබ සාධක නියෝජ්‍ය අධ්‍යක්ෂ ශිෂ්‍ය උපදේශක තනතුරු දරා සිටීම /දැරීම
  • විශ්ව විද්‍යාලය විසින් ලබාදෙනු ලබන නිලනිවාසයේ රැඳී සිටීම හෝ අවශ්‍යතාවය මත කෙටි දැනුම්දීමකින් විශ්ව විද්‍යාලය වෙත වාර්තා කිරීමේ හැකියාව

දීමනා :-

  • නිත්‍ය තනතුරේ මූලික වැටුපෙන් 25% ක මාසික ගරු දීමනාවක් හිමි වේ.

වෙනත් ප්‍රතිලාභ :-

  • සහනදායි ගාස්තු මත නිල නිවාස පහසුකම් හිමි වේ. (අත්තිකාරම් පුද්ගල ආදායම් බද්දට යටත් වේ)

විනයාධිකාරී තනතුර සඳහා අයදුම්පත් ස්වකීය සවිස්තරාත්මක ජීවදත්ත පත්‍රිකාවක් අධ්‍යයනාංශ ප්‍රධාන හා පීඨාධිපති නිර්දේශය සහිතව සහිතව 2026.06.30 දිනට පෙර උපකුලපති කාර්යාලය වෙත ලැබීමට සැලැස්විය යුතු අතර අයදුම්පත්‍රයේ මෘදු පිටපත (Soft Copy) ac_estab@sjp.ac.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවිය යුතුය.

( අයදුම්පත්‍රය බහා එවන ලියුම් කවරයේ වම්පස ඉහල කෙළවරෙහි අයදුම් කරන තනතුර සඳහන් කළ යුතුය.)

උපකුලපති
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.

Web advertisment 09-4-2026

Download the advertisement