91ý

Non-Academic Vacancies (on Assignment Basis) – 91ý

පුරප්පාඩු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මෙම විශ්වවිද්‍යාලයේ පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් 2026.06.01 දින සිට 2026.06.15 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

සේවා පැවරුම් පදනම මත ප්‍රමාණ සමීක්ෂක
QUANTITY SURVEYOR

(i) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උපාධියක් ලබා තිබීම, අවම වශයෙන් වසරක (01) අදාළ පළපුරුද්දක් තිබීම.

හෝ

(ii) වසර තුනක (03) තනතුරට අදාළ පළපුරුද්දක් සහිත ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් / වසර තුනක (03) අදාළ පළපුරුද්දක් සහිතව ජාතික වෘත්තිය සුදුසුකම (NVQ) 06 මට්ටම ලබා තිබීම.

හෝ

(iii) වසර පහක (05) අදාළ පළපුරුද්දක් සහිත ප්‍රමාණ සමීක්ෂණ ඩිප්ලෝමාවක් / වසර පහක (05) අදාළ පළපුරුද්දක් සහිතව ජාතික වෘත්තිය සුදුසුකම (NVQ) 05 මට්ටම ලබා තිබීම.

හෝ

(iv) වසර දහයක (10) අදාළ පළපුරුද්දක් සහිත ප්‍රමාණ සමීක්ෂණ පිළිබඳ සහතිකයක් / වසර දහයක (10) අදාළ පළපුරුද්දක් සහිතව ජාතික වෘත්තිය සුදුසුකම (NVQ) 04 මට්ටම ලබා තිබීම.

෶ැට෶϶ :- රු. 125,000/- (දීමනා සමඟ)

බඳවා ගැනීම :- සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

෶යස :- අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

 

සේවා පැවරුම් පදනම මත පරිපාලක (යාන්ත්‍රික / විදුලි / ජලනල)
SUPERVISOR (MEP)

සුදුසුකම් :

  • ජාතික තාක්ෂණ සහතික හෝ සමාන සුදුසුකම් සමඟ වසර තුනක (03) සේවා පළපුරුද්ද (සේවා පළපුරුද්ද ජාතික තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව හැදෑරීමේ කාලය තුල දී ලබා තිබීම.)

හෝ

  • දෙවරකට නොවැඩි වාර ගණනක දී අ.පො.ස (සා.පෙළ) විභාගය විෂයයන් 06ක් සමත් වීම හා රජයේ දෙපාර්තමේන්තුවක, පළාත් පාලන ආයතනයක, රාජ්‍ය සංස්ථාවක හෝ පිළිගත් ඉංජිනේරු ආයතනයක අදාළ ක්ෂේත්‍රයේ පරිපාලකයෙකු වශයෙන් වසර 05ක පළපුරුද්දක් තිබීම.

෶ැට෶϶ :- රු. 75,000/- (දීමනා සමඟ)

බඳවා ගැනීම :- සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

෶යස :- අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

 

සේවා පැවරුම් පදනම මත පිරිපහදු යන්ත්‍ර ක්‍රියාකරු
TREATMENT PLANT OPERATOR

සුදුසුකම් :

  • අ.පො.ස. (සා/පෙළ) විභාගය අවම වශයෙන් සම්මාන (C) සාමාර්ථ දෙකක් සහිතව වාර දෙකකට නොවැඩි වාර ගණනකදී විෂයයන් හයකින් සමත් වී තිබීම

සහ

  • තනතුරට අදාලව තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් තාක්ෂණික/වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම 3 ට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම.

සහ

  • රජයේ හෝ පිළිගත් ආයතනයක ජල / අපද්‍රව්‍ය / අපද්‍රව්‍ය පවිත්‍රාගාරයක ක්‍රියාකරුවෙකු / කාර්මිකයෙකු ලෙස අවම වශයෙන් වසර 5 ක පළපුරුද්දක් තිබීම.

෶ැට෶϶ :- රු. 70,000/- (දීමනා සමඟ)

බඳවා ගැනීම :- සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

෶යස :- අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

 

අයදුම්පත් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත ද්වාරය (Online Portal) 2026.06.01 දින සිට 2026.06.15 දින දක්වා විවෘතව පවතිනු ඇත. වැඩි විස්තර /vacancies වෙබ් පිටුව මගින් ලබා ගත හැකි අතර මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වෙත පිවිසිය යුතුය.

අවශ්‍ය විස්තර සඳහන් නොකිරීම, අපැහැදිලිවීම හෝ අයදුම්පත් නියමිත දිනට පසුව ලැබීම, සුදුසුකම් හා පළපුරුද්ද සනාථ කිරීම සඳහා අදාළ සහතික වල ඡායා පිටපත් උඩුගත (Upload) කර නොතිබීම හෝ වෙනයම් අවශ්‍යතාවයක් සපුරා නොතිබීම අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතු වේ. යම් තනතුරක් සඳහා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබුණු අවස්ථාවක අවස්ථාවෝචිත ක්‍රමයක් අනුගමනය කරමින් අයදුම්කරුවන් සීමා කිරීමක් සිදු වේ.

අයදුම්පත මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීමට පෙර තොරතුරුවල නිවැරදි බව තහවුරු කරගත යුතු වේ. සාවද්‍ය තොරතුරු හෝ අසම්පූර්ණ තොරතුරු සහිත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ.

කිසියම් අයදුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කළ විට කුමන හේතුවක් නිසා හෝ යළි සලකා බැලීම සිදු නොකෙරේ.

ලේඛකාධնාරී
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.
2026.05.26