91ý

Non-Academic Vacancies (Internal Recruitments) – 91ý

පුරප්පාඩු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

‍මෙම විශ්වවිද්‍යාලයේ පුරප්පාඩුව පවතින පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ඇති විශ්වවිද්‍යාලප්‍රතිපාදන කොමිෂන් සභාවේ, විශ්වවිද්‍යාලවල හා ඊට අනුබද්ධිත උසස් අධ්‍යාපන ආයතන වල සේවය තහවුරු කරන ලද ස්ථිර සේවක භවතුන්ගෙන් පමණක් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත ද්වාරය (Online Portal) 2026.06.22 දින පෙ.෶. 08.30 සිට 2026.07.06 දින.෶. 4.00 දක්ා විවෘතව පවතිනු ඇත. වැඩි විස්තර /vacanciesවෙබ් පිටුව මගින් ලබා ගත හැකි අතර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වෙත පිවිසිය යුතුය.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සම්පුර්ණ කරන ලද අයදුම්පතෙහි දෘඩ පිටපතක් මෙම විශ්වවිද්‍යාලයේ නම්, අදාල අංශ ප්‍රධාන, අධ්‍යයනාංශ ප්‍රධාන, පීඨාධිපති මඟින්ද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ/විශ්වවිද්‍යාලයක/ආයතනයක/අනුබද්ධිත විශ්වවිද්‍යාලයක/මණ්ඩපයක නම් එහි ලේකම්/ලේඛකාධնාරී/අධ්‍යක්ෂ/ආයතන ප්‍රධානියා/මණ්ඩපාධිපති මඟින් ද2025.07.10දින හෝ එදිනට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් නියෝජ්‍ය ලේඛකාධնාරී, අනධ්‍යයන ආයතන අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩն, නුගේගොඩ. යන ලිපිනයට එවීමට පියවර ගත යුතුය. අයදුම්පත්‍රය බහාලන ලිපි කවරයේ ඉහළ වම් කෙළවරේ අදාළ තනතුර සඳහන් කරන්න.

අවශ්‍ය විස්තර සඳහන් නොකිරීම, අපැහැදිලිවීම, සුදුසුකම් සනාථ කිරීම සඳහා අදාළ සහතිකවල ඡායා පිටපත් අමුණා නොතිබීම සහ අයදුම්පත් නියමිත දිනට පසුව ලැබීම හෝ වෙනයම් අවශ්‍යතාවයක් සපුරා නොතිබීම අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතුවේ.යම් තනතුරක් සඳහා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබුණු අවස්ථාවක අවස්ථාවෝචිත ක්‍රමයක් අනුගමනය කරමින් අයදුම්කරුවන් සීමා කිරීමක් සිදු වේ. කිසියම් අයදුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කළවිට කුමන හේතුවක් නිසා හෝ යලි සලකා බලනු නොලැබේ.

 

පුහුණුවන තාක්ෂණික නිලධාරී II ශ්‍රේණිය ‘ආ’ ඛණ්ඩය
TRAINEE TECHNICAL OFFICER (GRADE II (SEG B))

සුදුසුකම්:-

(අ) අ.පො.ස.(සා.පෙළ) විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන සාමාර්ථ 05ක් සහිතව විෂයන් 06 ක් සමත් විය යුතු අතර,සම්මාන සාමාර්ථ 05 ටවිද්‍යාව සහ ගණිතය යන විෂයයන් ඇතුත් විය යුතුය.

හෝ

(ආ) අ.පො.ස.(සා.පෙළ) විභාගයෙන් තෙවරකට නොවැඩි වාර ගණනකදී විද්‍යාව සහ ගණිතය යන විෂයයන් දෙක ඇතුළුව විෂයන් 06 කින් සාමාර්ථය ලබා තිබීමසහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ හෝ උසස් අධ්‍යාපන ආයතනයක/ආයතනයක වසර 08 ක සතුටුදායක ස්ථිර සේවා කාලයක් සපුරා තිබීම.

හෝ

(ඇ) උසස් අධ්‍යාපන ආයතනයක/ආයතනයක විද්‍යාගාර සහායක තනතුරක වශයෙන් වසර 15 ක ස්ථිර සතුටුදායක සේවා කාලයක් සපුරා තිබීම.

වැටුප් පරිමාණය:- U-MT 1( III )

රු. 51,095-7×540; 10×640- 60,575(මාසික)

බඳවා ගැනීම:- අභියෝගතා පරීක්ෂණයක් සහ සම්මුඛ පරක්ෂණයක ප‍්‍රතිඑල අනුව කුසලතාවය පදනම් කරගනිමින්සුදුස්සන් තෝරාගනු ලැබේ.

ලේඛකාධնාරී
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩն, නුගේගොඩ.
2026.06.19