91ý

Non-Academic Vacancies (Open Recruitments) – 91ý

පුරප්පාඩු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මෙම විශ්වවිද්‍යාලයේ පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් 2026.06.22දින පෙ.ව. 8.30 සිට 2026.07.06 දින ප.ව. 4.00දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

කළමනාකරණ සහකාර III ශ්‍රේණිය
MANAGEMENT ASSISTANT (GRADE III)

සුදුසුකම් :-

  • අ.පො.ස (සා/පෙළ) විභාගයේදී
  1. සිංහල භාෂාව/දෙමළ භාෂාව
  2. ඉංග්‍රීසි භාෂාව/ඉංග්‍රීසි සාහිත්‍යය
  3. ගණնය

යන විෂයන්ට සම්මාන සාමාර්ථ සහිතවවිෂයන් 06ක් එක් වරකදී සමත් වී තිබීම.

සහ

  • අ.පො.ස (උ/පෙළ) විභාගය එක් වරකදී සියලු විෂයන් සමත් වීම. (සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය හැර)

පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අය කෙරෙහි ප්‍රමුඛතාවයක් දක්වනු ලැබේ.

(අ) පිළිගත් ආයතනයකින් ලබා ගත් මාස 06කට නොඅඩු පිළිගත හැකි පරිගණක යෙදුම් පාඨමාලාවක් හදාරා තිබීම.

සහ

(ආ) පරිගණක යෙදුම් පැකේජ භාවිතය පිළිබඳ වසර 02 ක පළපුරුද්ද

෶ැට෶϶් පරිමාණය :- රු. 49,475-17×540 – 58,655 (මාසික) U-MN 1(III)

(මෙයට අමතරව රජය විසින් අනුමත කරන ලද දීමනා ගෙවනු ලැබේ.)

බඳවා ගැනීම :- ලිඛිත පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මඟින්

සටහන :-යෝග්Èයතා

(අ) ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.

(ආ) අයදුම්පත් භාරගන්නා අවසන් දිනටඅවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 30ටනොවැඩි විය යුතුය.

(ඇ) මනා චරිතවත් පුද්ගලයකු විය යුතුය.

 

වැඩ සහායක III ශ්‍රේණිය
WORKS AIDE (GRADE III)

සුදුසුකම් :

  • අ.පො.ස.(සා.පෙළ) විභාගය විෂයයන් හයක් (06) අවමය සම්මාන සාමාර්ථ දෙකක් (02) සහිතව උපරිම වාර දෙකකදී සමත් වී තිබීම.

෶Ȩත්:

  1. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  2. තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු විය යුතුය.
  3. මනාචරිතවත් පුද්ගලයෙකු විය යුතුය.

෶ැට෶϶් : රු. 42,775-16x450 – 49,975 (මාසික) U-PL 1(III)

බඳවා ගැනීම :වෘත්තීය පරීක්ෂණයක් හා/හෝසම්මුඛ පරීක්ෂණයක් මඟින්.

෶යස : අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

අයදුම්කරුවන් තම ඉපයීම් වලින් 10%ක් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු අතර, විශ්වවිද්‍යාලය මගින් එකී ඉපයීම් වලින් 7%කට සමාන මුදලක් විශ්වවිද්‍යාලයීය අර්ථසාධක අරමුදලටහා 8%කට සමාන මුදලක් විශ්වවිද්‍යාලයීය විශ්‍රාම ෶ැට෶϶් අරමුදලට බැර කරනු ලැබේ. එයට අමතරව 3%ක මුදලක් විශ්වවිද්‍යාලය මගින් සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදලට බැර කරනු ලැබේ.

අයදුම්පත් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගතද්වාරය (Online Portal) 2026.06.22දින පෙ.ව. 8.30 සිට 2026.07.06 දින ප.ව. 4.00 දක්වා විවෘතව පවතිනු ඇත. වැඩි විස්තර /vacanciesවෙබ් පිටුව මගින් ලබා ගත හැකි අතර මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වෙත පිවිසිය යුතුය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව / උසස් අධ්‍යාපන ආයතනයක / රාජ්‍ය දෙපාර්තමේන්තුවක / රාජ්‍ය සංස්ථාවක / ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවය කරන අයදුම්කරුවන් අයදුම් කරන ලද තනතුරට තේරී පත්වුවහොත් තමා සේවය කරන ආයතනයේ සේවයෙන් නිදහස් කළ හැකි බවට වූ තම ආයතනයේ ප්‍රධානී සහතිකය අයදුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේ උඩුගත (Upload) කළ යුතුය.

සෑම අයදුම්කරුවෙකුම තමා විසින් අයදුම් කරනු ලබන සෑම තනතුරක් සදහාම වෙන් වෙන් වශයෙන් ආපසු නොගෙවන පදනම මත රු. 1000.00 ක අයදුම්පත් ගාස්තුවක් ගෙවිය යුතුය. ඔබට මම ගෙවීම මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ ණයපත්/හරපත් (Credit/Debit Card) මගින් සෘජුවම කළ හැකිය.

ඔබ මෙම ගෙවීම මහජන බැංකු ශාඛාවක් මගින් සිදු කරන්නේ නම් අයදුම්පත අවසානයේ දක්වා ඇති පරිදි බැංකු පෝරමය (Bank Slip) පුරවා භාර දෙන්න. පෝරමයේ ඇති හේතුව (Purpose) ලෙස අයදුම් පතට අදාල අනන්‍ය ගෙවීම් යොමු අංකය (Payment Reference No.) සටහන් කිරීම අනිවාර්ය වේ. එම බැංකු පෝරමය උඩුගත (Upload) කළ යුතු අතර, ඒ සඳහා පහසුකම් සලසා ඇත.

මෙම ගෙවීම මාර්ගගත බැංකු හර කිරීම් (Bank Transfer) හරහා සිදුකිරීමනොකළ යුතු බව කරුණාවෙන් සලකන්න.

අයදුම්පතට අදාල අනන්‍ය (Unique) ගෙවීම් අංකය (Payment Reference No.) සඳහන් කර නොමැති බැංකු පෝරම උඩුගත (Upload) කර තිබීම, නියමිත අයදුම්පත් ගාස්තුව ගෙවා නොතිබීම, අවශ්‍ය විස්තර සඳහන් නොකිරීම, අපැහැදිලිවීම, සුදුසුකම් සහපලපුරුද්ද සනාථ කිරීම සඳහා අදාල සහතික වල පිටපත් උඩුගත (Upload) කර නොතිබීම හෝ වෙනයම්අවශ්‍යතාවයක් සපුරා නොතිබීම අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතු වේ.

කිසියම් අයදුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කළ විට කුමන හේතුවක් නිසා හෝ යළි සලකා බැලීම සිදු නොකෙරේ.

ලේඛකාධնාරී
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.
2026.06.19