ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙක් චීනයෙ ශීයෑන් ෂුරෙන් සරසවියේ චීන භාෂා පුහුණුවක් සඳහා සහභාගි විය. දෙමසක කාලයක් වූ මෙම චීන භාෂා පුහුණුව 2018 නොවැම්බර් මස 26 වනදා ආරම්භ විය.
ව්‍යවසායකත්ව අධ්‍යනාංශයේ ජෙය්ෂ්ඨ කථිකාචාර්ය රුක්මාල් වීරසිංහ මහතා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කල අතර කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨ පීඨාධිපති තුමාගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමාගේ අනුමැතිය මේ සඳහා හිමි විය.
























