
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය ආශා ප්‍රනාන්දු මහත්මිය සහ තෝරාගත් අවසන් වසර පර්යේෂණ සිසුන් කිහිප දෙනෙක් සානුකම්පික තාරුණ්‍යය යන මැයෙන් පැවැත්වූ ඉන්දියානු ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ඔවුන්ගේ පර්යේෂණ ඉදිරිපත් කර සම්මාන කිහිපයක් දිනා ගන්නා ලදී. මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය 2019 ජනවාරි මස 24 හා 25 දිනවල ඉන්දියාවේ පුදුචෙරිහි පැවැත්විණ.



















