91ý

SLUG – 2016 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය රන් පදක්කම් 6 ක් සමග පෙරමුණේ

SLUG 2016 Medals

(Image and results from )

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා ( SLUG ) 2016 වයඹ විශ්ව විද්යාලයේ දී සැප්තැම්බර් 1 වන දින ආරම්භ කරන ලදී. බැඩ්මින්ටන්, පැසිපන්දු, බේස්බෝල්, කැරම්, චෙස්, ක්‍රිකට්, එල්ලේ, හොකී, පිහිනුම්, තෛකොන්ඩෝ, ටෙනිස්, වොලිබෝල්, බර ඉසිලීමේ, දැල්පන්දු, රගර්, පාපන්දු, කරාතේ, මල්ලව පොර, ඔරු පැදීමේ, මේස පන්දු, සහ මලල ක්‍රීඩා මේ සදහා ඇතුලත් වෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය SLUG – 2016 පදක්කම් ලැයිස්තුවේ තවමත් ඉදිරියෙන්ම පසුවෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තරගයේ 6 වැනි දිනය අවසන් වන විට රන් පදක්කම් 6 ක්, රිදී පදක්කම් 13 ක් හා ලෝකඩ පදක්කම් 11 ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ක්‍රිකට් – ශුරයින්
බේස්බෝල් – ශුරයින්
දැල් පන්දු – ශුරයින්
බැඩ්මින්ටන් (කාන්තා ) – ශුරයින්
ටෙනිස් ( පිරිමි හා කාන්තා ) – 3 වන ස්ථානය
බැඩ්මින්ටන් ( පිරිමි ) – 4 වන ස්ථානය
රගර් – 4 වන ස්ථානය

.SLUG 2016 scores

(Image and results from)