91ý

Non-Academic Vacancies (Open Recruitments) – 91ý

පුරප්පාඩු

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මෙම විශ්වවිද්‍යාලයේ පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගෙන් 2026.02.05 දින සිට 2026.02.19 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
 
උපශාලාධිපති (පූර්ණකාලීන) II ශ්‍රේණිය

සුදුසුකම් :-

  • පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් හිමි අයෙකු විය යුතුය. නේවාසිකාගාර පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ අත්දැකීම් ඇති අය සඳහා ප්‍රමුඛතාවයක් ලබා දෙනු ලැබේ.

෶ැට෶϶් පරිමාණය :- රු. 71,365 – 18×1,190 – 92,785 (මාසික) U-MN 3(II)

(මෙයට අමතරව රජය විසින් අනුමත කරන ලද දීමනා ගෙවනු ලැබේ.)

බඳවා ගැනීම :- සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

෶යස :- අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.
 
තාක්ෂණික නිලධාරී (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) III ‌ශ්‍රේණිය

සුදුසුකම් :-

  • අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් ඕනෑම විෂය ධාරාවක් යටතේ එක් වරකදී විෂයයන් තුනක් (03) සමත් වී තිබිය යුතුය.

සහ

  • තොරතුරු සන්නිවේදන හා බහු මාධ්‍ය තාක්ෂණය / තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය / තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රයේ හෝ ඊට සමාන ක්ෂේත්‍රයක තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන කාර්මික / වෘත්තීය පුහුණු ආයතනයකින් හෝ පිළිගත් ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම 5 වන මට්ටම (V.Q. Level 5) හෝ ඊට නොඅඩු මට්ටමක ප්‍රවීනතා සහතිකයක් ලබා තිබීම.

(Having obtained a certificate of proficiency not below than the N.V.Q Level 5 issued by a Technical / Vocational Training Institute accepted by the Tertiary and Vocational Education Commission or recognized Institution in the field of Information Communication and Multimedia Technology / Information and Communication Technology / Information Technology or Equivalent.)

  • තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සේවා පළපුරුද්ද ඇති අයදුම්කරුවන් කෙරෙහි ප්‍රමුඛතාවයක් දක්වනු ලැබේ

සටහන :- පාඨමාලාවට අදාළ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම (N.V.Q. Level) තහවුරු කිරීම සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (Tertiary and Vocational Education Commission) මඟින් නිකුත් කරන සමානතා සහතිකයක් (Certificate of Equivalence) උඩුගත කළ (Upload) යුතුය.

෶ැට෶϶් පරිමාණය :- රු. 51,095-7×540; 10×640- 60,575 (මාසික) U-MT 1(III)

(මෙයට අමතරව රජය විසින් අනුමත කරන ලද දීමනා ගෙවනු ලැබේ.)

බඳවා ගැනීම :- ලිඛිත හා/හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

෶යස :- අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.
 
තාක්ෂණික නිලධාරී (විදුලි) III ‌ශ්‍රේණිය

සුදුසුකම් :-

  • අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ ඵක් වරකදී විෂයයන් තුනක් (03) සමත් වී තිබිය යුතුය.

සහ

  • විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ හෝ ඊට සමාන ක්ෂේත්‍රයක තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන කාර්මික / වෘත්තීය පුහුණු ආයතනයකින් හෝ පිළිගත් ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම 5 වන මට්ටම (V.Q. Level 5) හෝ ඊට නොඅඩු මට්ටමක ප්‍රවීනතා සහතිකයක් ලබා තිබීම.

(Having obtained a certificate of proficiency not below than the N.V.Q Level 5 issued by a Technical / Vocational Training Institute accepted by the Tertiary and Vocational Education Commission or recognized Institution in the field of Electrical Engineering/ or Equivalent.)

සටහන :- පාඨමාලාවට අදාළ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම (N.V.Q. Level) තහවුරු කිරීම සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (Tertiary and Vocational Education Commission) මඟින් නිකුත් කරන සමානතා සහතිකයක් (Certificate of Equivalence) උඩුගත කළ (Upload) යුතුය.

෶ැට෶϶් පරිමාණය :- රු. 51,095-7×540; 10×640- 60,575 (මාසික) U-MT 1(III)

(මෙයට අමතරව රජය විසින් අනුමත කරන ලද දීමනා ගෙවනු ලැබේ.)

බඳවා ගැනීම :- ලිඛිත හා/හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් හා සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

෶යස :- අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

කළමනාකරණ සහකාර (සරප්) III ශ්‍රේණිය

සුදුසුකම් :-

  1. අ.පො.ස (සා/පෙළ) විභාගයේදී
  • සිංහල භාෂාව/දෙමළ භාෂාව
  • ඉංග්‍රීසි භාෂාව/ඉංග්‍රීසි සාහිත්‍යය
  • ගණնය

යන විෂයන්ට සම්මාන සාමාර්ථ සහිතව විෂයයන් 06ක් එක් වරකදී සමත් වී තිබීම.

සහ

  1. අ.පො.ස (උ/පෙළ) විභාගය එක් වරකදී ගණකාධිකරණය ඇතුලුව සියලු විෂයයන් සමත් වීම. (සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය හැර)

පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අය කෙරෙහි ප්‍රමුඛතාවයක් දක්වනු ලැබේ.

(අ) පිළිගත් ආයතනයකින් ලබා ගත් මාස 06 කට නොඅඩු පිළිගත හැකි පරිගණක යෙදුම් පාඨමාලාවක් හදාරා තිබීම.

සහ

(ආ) පරිගණක යෙදුම් පැකේජ භාවිතය පිළිබඳ වසර 02 ක පළපුරුද්ද

සටහන :- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව / උසස් අධ්‍යාපන ආයතනය තීරණය කරන පරිදි ආරක්ෂක තැන්පතුවක් තැන්පත් කළ යුතුය.

෶ැට෶϶් පරිමාණය :- රු. 49,475-17×540 – 58,655 (මාසික) U-MN 1(III)

(මෙයට අමතරව රජය විසින් අනුමත කරන ලද දීමනා ගෙවනු ලැබේ.)

බඳවා ගැනීම :- ලිඛිත පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මඟින්

෶යස :- අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 30 ට නොවැඩි විය යුතුය.

සටහන :- ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.

මනා චරිතවත් පුද්ගලයකු විය යුතුය.

කළමනාකරණ සහකාර (ගබඩා භාරකරු) III ශ්‍රේණිය

සුදුසුකම් :-

  1. අ.පො.ස (සා/පෙළ) විභාගයේදී
  • සිංහල භාෂාව/දෙමළ භාෂාව
  • ඉංග්‍රීසි භාෂාව/ඉංග්‍රීසි සාහිත්‍යය
  • ගණնය

යන විෂයන්ට සම්මාන සාමාර්ථ සහිතව විෂයයන් 06 ක් එක් වරකදී සමත් වී තිබීම.

සහ

  1. අ.පො.ස (උ/පෙළ) විභාගය එක් වරකදී සියලු විෂයයන් සමත් වීම. (සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය හැර)

පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අය කෙරෙහි ප්‍රමුඛතාවයක් දක්වනු ලැබේ.

(අ) පිළිගත් ආයතනයකින් ලබා ගත් මාස 06 කට නොඅඩු පිළිගත හැකි පරිගණක යෙදුම් පාඨමාලාවක් හදාරා තිබීම.

සහ

(ආ) පරිගණක යෙදුම් පැකේජ භාවිතය පිළිබඳ වසර 02 ක පළපුරුද්ද

තනතුරට විශේෂිත වූ සුදුසුකම්

ඉහතින් දක්වා ඇති සුදුසුකම් වලට අමතරව අයදුම්කරුවන් කළමනාකරණ සහකාර (ගබඩා භාරකරු) තනතුරට විශේෂිත වූ පහත දක්වා ඇති සුදුසුකම් සපුරාලිය යුතුය.

  • ගබඩා පරිපාලනය පිළිබද වසරක පළපුරුද්ද සහ/හෝ අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී වාණිජ්‍ය විෂය සමත්ව තිබීම හෝ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී ගණකාධිකරණය විෂය සමත්ව තිබීම.

සටහන :- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව / උසස් අධ්‍යාපන ආයතනය තීරණය කරන පරිදි ආරක්ෂක තැන්පතුවක් තැන්පත් කළ යුතුය.

෶ැට෶϶් පරිමාණය :- රු. 49,475-17×540 – 58,655 (මාසික) U-MN 1(III)

(මෙයට අමතරව රජය විසින් අනුමත කරන ලද දීමනා ගෙවනු ලැබේ.)

බඳවා ගැනීම :- ලිඛිත පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් මඟින්

෶යස :- අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 30 ට නොවැඩි විය යුතුය.

සටහන :- ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.

මනා චරිතවත් පුද්ගලයකු විය යුතුය.

වැද්දුම්කරු (III ශ්‍රේණිය)

සුදුසුකම් :-

  • ඉහත වැද්දුම්කරු තනතුරේ කාර්යයට අදාළ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් කාර්මික / වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම.

෶ැට෶϶් පරිමාණය :- රු. 48,005 – 16×490 – 55,845 (මාසික) U-PL 3(III)

(මෙයට අමතරව රජය විසින් අනුමත කරන ලද දීමනා ගෙවනු ලැබේ.)

බඳවා ගැනීම :- වෘත්තීය පරීක්ෂණයක් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

෶යස :- අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

෶Ȩත්:

  • ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  • තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු විය යුතුය.
  • මනා චරිතවත් පුද්ගලයෙකු විය යුතුය.

යාන්ත්‍රික ශිල්පී (III ශ්‍රේණිය)

සුදුසුකම් :-

  • ඉහත යාන්ත්‍රික ශිල්පී තනතුරේ කාර්යයට අදාළ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් කාර්මික / වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 වන මට්ටමට නොඅඩු ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම.

෶ැට෶϶් පරිමාණය :- රු. 48,005 – 16×490 – 55,845 (මාසික) U-PL 3(III)

(මෙයට අමතරව රජය විසින් අනුමත කරන ලද දීමනා ගෙවනු ලැබේ.)

බඳවා ගැනීම :- වෘත්තීය පරීක්ෂණයක් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

෶යස :- අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

෶Ȩත්:

  • ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  • තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු විය යුතුය.
  • මනා චරිතවත් පුද්ගලයෙකු විය යුතුය.

ආරක්ෂක නියාමක (III ශ්‍රේණිය)

සුදුසුකම් :

අ.පො.ස. (සා.පෙළ) විභාගය විෂයයන් හයක් (06) අවමය සම්මාන සාමාර්ථ දෙකක් (02) සහිතව උපරිම වාර දෙකක දී සමත් වී තිබීම..

෶Ȩත්:

  • ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
  • තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු විය යුතුය.
  • මනා චරිතවත් පුද්ගලයෙකු විය යුතුය.

෶ැට෶϶් :- රු. 42,775-16×450 – 49,975 (මාසික) U-PL 1(III)

බඳවා ගැනීම :- වෘත්තීය පරීක්ෂණයක් හා/හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින්.

෶යස :- අවුරුදු 18 ට නොඅඩු සහ අවුරුදු 45 ට නොවැඩි විය යුතුය.

සටහන : අයදුම්කරුවන් තම ඉපයීම් වලින් 10%ක් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු අතර, විශ්වවිද්‍යාලය මගින් එකී ඉපයීම් වලින් 15%කට සමාන මුදලක් විශ්වවිද්‍යාලයීය අර්ථසාධක අරමුදලට හා 8%කට සමාන මුදලක් විශ්වවිද්‍යාලයීය විශ්‍රාම ෶ැට෶϶් අරමුදලට බැර කරනු ලැබේ. එයට අමතරව 3%ක මුදලක් විශ්වවිද්‍යාලය මගින් සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදලට බැර කරනු ලැබේ.

අයදුම්පත් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත ද්වාරය (Online Portal) 2026.02.05 දින සිට 2026.02.19 දින දක්වා විවෘතව පවතිනු ඇත. වැඩි විස්තර /vacancies වෙබ් පිටුව මගින් ලබා ගත හැකි අතර මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වෙත පිවිසිය යුතුය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව / උසස් අධ්‍යාපන ආයතනයක / රාජ්‍ය දෙපාර්තමේන්තුවක / රාජ්‍ය සංස්ථාවක / ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවය කරන අයදුම්කරුවන් අයදුම් කරන ලද තනතුරට තේරී පත්වුවහොත් තමා සේවය කරන ආයතනයේ සේවයෙන් නිදහස් කළ හැකි බවට වූ තම ආයතනයේ ප්‍රධානී සහතිකය අයදුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේ උඩුගත (Upload) කළ යුතුය.

අවශ්‍ය විස්තර සඳහන් නොකිරීම, අපැහැදිලිවීම හෝ අයදුම්පත් නියමිත දිනට පසුව ලැබීම, සුදුසුකම් හා පළපුරුද්ද සනාථ කිරීම සඳහා අදාළ සහතික වල ඡායා පිටපත් උඩුගත (Upload) කර නොතිබීම හෝ වෙනයම් අවශ්‍යතාවයක් සපුරා නොතිබීම අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතු වේ. යම් තනතුරක් සඳහා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබුණු අවස්ථාවක අවස්ථාවෝචිත ක්‍රමයක් අනුගමනය කරමින් අයදුම්කරුවන් සීමා කිරීමක් සිදු වේ.

අයදුම්පත මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීමට පෙර තොරතුරුවල නිවැරදි බව තහවුරු කරගත යුතුවේ. සාවද්‍ය තොරතුරු හෝ අසම්පූර්ණ තොරතුරු සහිත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ.

කිසියම් අයදුම්පත්‍රයක් ප්‍රතික්ෂේප කළ විට කුමන හේතුවක් නිසා හෝ යළි සලකා බැලීම සිදු නොකෙරේ.

ලේඛකාධնාරී
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ.
2026.02.02