USJ Archives - USJ - 91ý /tag/usj-si/ Tue, 09 Jun 2020 13:36:10 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg USJ Archives - USJ - 91ý /tag/usj-si/ 32 32 81423829 ශ්‍රී ලංකාවේ පළමු තාක්ෂණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කෙරේ /news-si/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab/ Tue, 09 Jun 2020 03:19:27 +0000 /?p=50400&lang=si ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් ලංකාවේ ප්‍රථම තාක්ෂණ පීඨය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් දැයේ සිසු සිසුවියන් වෙත තිළිණ කළ වගයි..   ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණික […]

The post ශ්‍රී ලංකාවේ පළමු තාක්ෂණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කෙරේ appeared first on USJ - 91ý.

]]>

ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් ලංකාවේ ප්‍රථම තාක්ෂණ පීඨය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් දැයේ සිසු සිසුවියන් වෙත තිළිණ කළ වගයි..

 

ශ්‍රී ලංකාවේ ප්‍රථම තාක්ෂණික පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය තාක්ෂණ පීඨය හෝමාගම පිටිපන තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී අද දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් දැයේ දරුවන් වෙත විවෘත කරන ලදී. සියළු සෞඛ්‍යාරක්ෂක නිර්දේශ වලට යටත්ව පවත්වනු ලැබූ මෙම උත්සවයේදී අදහස් දක්වමින් ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා පැවසූයේ “හිටපු ජනාධිපති වශයෙන් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් 2014 වසරේදී සම්මත කරනු ලැබු ප්‍රතිපාදන නොවන්නට අද දින උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් මෙම තාක්ෂණ පීඨය විවෘත කිරීම සඳහා අවස්ථාවක් නොලැබෙන” බවයි.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින්, එවකට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදි මෙම තාක්ෂණ විෂය උසස් පෙළට හඳුන්වා දීමටත් විශ්ව විද්‍යාල වල තාක්ෂණ පීඨ ඇති කර, සිසු දරුවන්ගේ නවෝත්පාදන හැකියා නවමු මාවතකට යොමු කරමින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලොවට කියා පෑමේ අවස්ථාව උදා කරගැනීමටත් එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය හෙබවූ එස්.බී.දිසානායක මැතිතුමාද වෘත්තීය පුහුණු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාද ලබා දුන් සහයෝගය ස්තුතිපූර්වකව සිහිපත් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, උප සභාපති මහාචාර්ය ජනිතා එම්.ලියනගේ මහත්මිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා, පීඨාධිපතිවරුන් ,මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන් හා විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියහ. හෝමගම පිටිපන තාක්ෂණ උද්‍යානයේ අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක මෙම තාක්ෂණ පීඨය ඉදිකර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 300ක් පමණ වේ.

The post ශ්‍රී ලංකාවේ පළමු තාක්ෂණ පීඨය වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කෙරේ appeared first on USJ - 91ý.

]]>
50400
edX ආයතනය මගින් ලබාදෙන පාඨමාලා සඳහා නොමිලේ ප්‍රවේශ වීමට USJ සිසුන් සහ කාර්ය මණ්ඩලය හට අවස්ථාව /news-si/usj-students-can-now-follow-edx-online-courses-worlds-leading-universities-free/ Thu, 04 Jun 2020 09:47:57 +0000 /?p=50339&lang=si ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාල සහ ආයතන වල පාඨමාලා හැදෑරීමට edX ආයතනය මගින් ලබාදෙන සීමිත අවස්ථාවන් සඳහා ප්‍රවේශ වීමට මහගු අවස්ථාවක් USJ සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා ලැබී ඇත.  edX ආයතනය ලබාදෙනු ලබන එම​ […]

The post edX ආයතනය මගින් ලබාදෙන පාඨමාලා සඳහා නොමිලේ ප්‍රවේශ වීමට USJ සිසුන් සහ කාර්ය මණ්ඩලය හට අවස්ථාව appeared first on USJ - 91ý.

]]>
ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාල සහ ආයතන වල පාඨමාලා හැදෑරීමට edX ආයතනය මගින් ලබාදෙන සීමිත අවස්ථාවන් සඳහා ප්‍රවේශ වීමට මහගු අවස්ථාවක් USJ සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා ලැබී ඇත.  edX ආයතනය ලබාදෙනු ලබන එම​ පාඨමාලා පිළිබඳ විස්තර සඳහා, පිවිසෙන්න 

ඔබට පාඨමාලා තොරතුරු https://www.edx.org වෙත ගොස් දැනගත හැකි අතර ඔබට එම පාඨමාලාව හැදැරීමට අවශ්‍යනම් පමණක් පාඨමාලාවේ edX වෙබ් අඩවි ලිපිනය (website url) (උදාහරණයක් ලෙස Upper-Intermediate English: Modern Life පාඨමාලාවේ වෙබ් අඩවි ලිපිනය  https://www.edx.org/course/upper-intermediate-english-modern-life වේ) පහත ආකෘතියේ  (සිසුන් සඳහා),  (කාර්ය මණ්ඩලය සඳහා) ඔබගේ තොරතුරු සමග ඇතුලත් කර ලියාපදිංචි වන්න​. උපදෙස් සඳහා පිවිසෙන්න : 

පාඨමාලා 2 ක් දැනට​ ඔබට තොර ගැනිමට අවස්ථාව සලසා ඇත​.
වැරදි ලෙස පුරවන (email, course url) ආකෘතිය ඉවත් කරනු ලබයි.
එක අයදුම්කරුවකුට එක් වතාවක් පමණක් මේ සඳහා ලියාපදිංචි විය හැකි අතර​, සමාන තොරතුරු සපයන්නන් ලියාපදිංචියෙන් ඉවත් කරනු ඇත​.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය​ නම් පමණක්, විද්‍යුත් තැපෑලෙන් එහි විෂය ලෙස “edX Offer” යොදා පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රසාද් එම්. ජයවීර මහතා “totprasad@gmail.com” මගින් සම්බන්ධ කරගත හැක.

The post edX ආයතනය මගින් ලබාදෙන පාඨමාලා සඳහා නොමිලේ ප්‍රවේශ වීමට USJ සිසුන් සහ කාර්ය මණ්ඩලය හට අවස්ථාව appeared first on USJ - 91ý.

]]>
50339