Dr Sunethra Kankanamge Archives - USJ - 91ý /tag/dr-sunethra-kankanamge/ Thu, 24 Nov 2016 09:09:24 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Dr Sunethra Kankanamge Archives - USJ - 91ý /tag/dr-sunethra-kankanamge/ 32 32 81423829 ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ රචිත “පාර්සි නාට්‍ය කලාව” කෘතිය දොරට වැඩුම /news-si/launching-of-the-book-parsi-natya-kalawa-written-by-dr-sunethra-kankanamge/ Thu, 24 Nov 2016 09:01:37 +0000 http://www.sjp.ac.lk/?p=14699&lang=si ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී, ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ විසින් රචිත ‘පාර්සි නාට්‍ය කලාව’ නමැති පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය, පාර්සි නාට්‍ය කලාව සම්බන්ධයෙන් සිංහල සාහිත්‍යයට එකතුවන ප්‍රථම කෘතියයි. […]

The post ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ රචිත “පාර්සි නාට්‍ය කලාව” කෘතිය දොරට වැඩුම appeared first on USJ - 91ý.

]]>
parsi-natya-kalawa

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී, ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ විසින් රචිත ‘පාර්සි නාට්‍ය කලාව’ නමැති පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය, පාර්සි නාට්‍ය කලාව සම්බන්ධයෙන් සිංහල සාහිත්‍යයට එකතුවන ප්‍රථම කෘතියයි.

නුතන සිංහල නාට්‍ය කලාවට මූලික පසුබිම සැපයු නුර්ති නාට්‍ය කලාව ස්ථාපනය වීමෙහිලා ඉවහල්වූ බලිවාලා ඇතුළු පාර්සි නාට්‍ය කණ්ඩායම කොළඹට පැමිණ රඟ දක්වන්නට යෙදුනු නාට්‍ය නිර්මාණ කවරේද? බලිවාලා යනු කවුද? පාර්සි නාට්‍ය රචකයන්, පාර්සි නාට්‍ය පිටපත්, පාර්සි නාට්‍ය සමාගම්, පාර්සි නාට්‍ය කලාව කෙබඳු අංගයන්ගෙන් සමන්විත වී ද යන විෂය ක්ෂේත්‍ර විමර්ශනාත්මකව ගැඹුරින් සාකච්ඡා කෙරෙමින්, ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කැත්රින් හාන්සෙන් විසින් රචිත ‘පාර්සි තියටර්’ නමැති කෘතියේ සිංහල පරිවර්තනය ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ විසින් රචනා කරන්නට යෙදුනේ මෙතෙක් පාර්සි නාට්‍ය කලාව පිළිබද සත්‍ය තොරතුරු සිංහල නාට්‍ය කලාවට එකතු වී නොමැති බැවිනි.

මේ පරිවර්තන කෘතිය දොරට වැඩුම වර්ෂ 2016 නොවැම්බර් මස 23 වන බදාදා, සවස 3.30 ට කොළඹ, ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර උත්සවයේ මුලසුන  මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර හෙබවීය. එමෙන්ම ප්‍රවීණ නාට්‍යවේදී ජැක්සන් ඇන්තනී සහ ප්‍රවිණ නාට්‍යවේදී, නිශ්ශංක දිද්දෙණිය යන කලාකරුවන් විසින් නාට්‍ය කලාව සම්බන්ධයෙන් කෙටි දේශනද මෙම උළෙලේදී පවත්වන ලදී.

 

parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa parsi-natya-kalawa

The post ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ රචිත “පාර්සි නාට්‍ය කලාව” කෘතිය දොරට වැඩුම appeared first on USJ - 91ý.

]]>
14699