Books Archives - USJ - 91ý /tag/books/ Fri, 26 Aug 2022 18:27:40 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 /wp-content/uploads/2016/06/cropped-usjp-logo-fav-150x150.jpg Books Archives - USJ - 91ý /tag/books/ 32 32 81423829 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2022 – නිර්දේශිත ග්‍රන්ථ /news/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%9d%e0%b6%af%e0%b6%ba-%e0%b7%83%e0%b7%8f%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f/ Wed, 24 Aug 2022 20:49:35 +0000 /?p=58815   ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2022 සැප්තැම්බර් මස 1 වැනිදා සවස 3.00ට විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභා සංසදයේදී පැවැත්වේ. සම්මාන […]

The post විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2022 – නිර්දේශිත ග්‍රන්ථ appeared first on USJ - 91ý.

]]>

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2022 සැප්තැම්බර් මස 1 වැනිදා සවස 3.00ට විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභා සංසදයේදී පැවැත්වේ. සම්මාන ප්‍රදානය සඳහා අවසන් වටයට පහත කෘතීන් නිර්දේශ වී ඇත. සම්මානලාභී කෘතීන් සහ කර්තෘවරුන් සහ වරියන් එදින තෝරාගනු ඇත.

අවසන් වටය සඳහා නිර්දේශිත කෘති

වසරේ විශිෂ්ටතම ගේය පද සංග්‍රහය

  • ප්‍රේමයයි මනරම්- යමුනා මාලනී පෙරේරා (සරසවි ප්‍රකාශකයෝ)
  • පමාවී පිපුණු මල් සුවඳයි – වසන්ත කුමාර කොබවක (කර්තෘ ප්‍රකාශන)
  • සඳමඩල වී – පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි (සූරිය ප්‍රකාශකයෝ)

 

වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය

  • නින්නාද – හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ
  • වන්නිගේ කොලම – නන්දසේන වන්නිනායක (කේ. බුක්ස් ප්‍රකාශන)
  • සමීප රූප – බුද්ධදාස ගලප්පත්ති (සරසවි ප්‍රකාශකයෝ)

 

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය

  • කඩවර ඇදහීම – ශ්‍රී ලංකාවේ කඩවර ඇදහීම හා යාතුකර්ම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකි. – මහින්ද කේ. විමලසිරි. (සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම)
  • සංඛ්‍යා පුරාණය – සන්ධ්‍යා කහඳගමගේ (සරසවි ප්‍රකාශකයෝ)
  • කෙවුල්ගම දළදා ගමන් මාලිගය – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක (සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම)
  • සිංහල උපාසකජනාලංකාරය – සංස්කරණය සහ විචාරාත්මක අධ්‍යයනයක් – ආචාර්ය ප්‍රේමසිරි නාගසිංහ (සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම)
  • සිංහල ජන ගායන ශෛලී – සමන් පනාපිටිය (වාපා යුනිවර්සිටි ප්‍රෙස්, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

 

වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය

  • නාරි සූත්‍රය – අනුරාධා නිල්මිණි (කේ. බුක්ස් ප්‍රකාශන)
  • ලිය සැව් ලිහී ගිය ගනසාමඬුලු – ලක්ශාන්ත අතුකෝරල (විදර්ශන ප්‍රකාශන)
  • ගිනි වැදුණු පියාපත් – සඳරැසී සුදුසිංහ (විදර්ශක ප්‍රකාශන)
  • ප්‍රොමිතියස් දූපත – එරික් ඉලයප්ආරච්චි (සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම)
  • වම් පියවුර – සුරේඛා සමරසේන (අගහස් ප්‍රකාශන)

 

වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය

  • කළු උස මනුස්සයෙක් – ප්‍රින්ස් සේනාධීර (විදර්ශන ප්‍රකාශන)
  • හිනි සෝමෙ – උපාලි උබයසේකර (සූරිය ප්‍රකාශකයෝ)
  • මං මාවතක මතක මිමිණිල්ල – මලිඳු කාවින්ද කුමාරසිංහ (කර්තෘ ප්‍රකාශන)
  • ජාත්‍යන්තර පාපෝච්චාරණය – එරික් ඉලයප්ආරච්චි (සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම)
  • වැසිකිලි සෝදන්නාගේ දුව වීම නිසා – මහින්ද රත්නායක (සරසවි ප්‍රකාශකයෝ)

 

වසරේ විශිෂ්ටතම නවකතාව

  • හින් දොස් මාලේ – සේපාලී මායාදුන්නේ (මියුසස් ප්‍රකාශකයෝ)
  • සන්ධ්‍යානන්දය – කීර්ති වැලිසරගේ (සරසවි ප්‍රකාශකයෝ)
  • නකුල මුනි – එරික් ඉලයප්ආරච්චි (සීමාසහිත ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්.) සමාගම)
  • ප්‍රේමානිශංස – චන්ද්‍රරත්න බණ්ඩාර (සරසවි ප්‍රකාශකයෝ)
  • මගේ චිකාගෝ හදවත – ශමෙල් ජයකොඩි (සරසවි ප්‍රකාශකයෝ)

උත්සවය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීංකෙන්ද මහතාගේ සහ වැඩබලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ මහතාගේ ගෞරවණීය සහභාගීත්වයෙන්, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම උත්සවයට සහභාගී වන ලෙස පීඨ ප්‍රකාශන කමිටුව ආරාධනය කර සිටියි.

 

 

The post විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2022 – නිර්දේශිත ග්‍රන්ථ appeared first on USJ - 91ý.

]]>
58815