
2018 වර්ෂය සඳහා සඳහා නව සිසුන් කණ්ඩායම ලියාපදිංචි කිරීම සහ නම්නිකරණ වැඩසටහන 2018 අප්‍රේල් මස 20 වන දින උදැසන පැවැත්වුණි. මෙහි සමාරම්භක උත්සවය සඳහා මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති; මහාචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර, පීඨාධිපති; ආචාර්ය එස්. ඒ. ඒ. එම්. සුභසිංහ, පීඨාධිපති; මහාචාර්ය සුදන්ත ලියනගේ, පීඨාධිපති; මහාචාර්ය පි. බි. මණ්ඩාවල, ලේඛකාධිකාරී; බ්‍රිටෝ කේ. ඥානසිරි මහතා, අධ්‍යයනාංශ ප්‍රධානීන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් සහභාගී විය.
නම්නිකරණ වැඩසටහනේ පළමු අදියර අප්‍රේල් මස 22 වනදා තෙක් පැවැත්වීමට කරයුතු සංවිධානය කර තිබේ. දෙවන අදියර පළමු අධ්‍යයන වර්ෂයේ පළමු අර්ධ වාර්ෂිකය මුළුල්ලෙහි ක්‍රියාත්මක කිරීමට ද බලපොරෝතතු වේ.
මෙම වසරෙහි නම්නිකරණ වැඩසටහනේ සමායෝජක ලෙස ආචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහත්මා කටයුතු කල අතර 2018 වර්ෂයේ නම්නිකරණ කමිටුවේ සහයෝගිත්වය මත සියලු කටයුතු සංවිධානය කෙරුණි.
නම්නිකරණ වැඩසටහන සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න:




















































