ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය විසින් මෙහෙයවන සමාජිවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම්කිරීමේ දිනය රටෙහි පවතින කොවිඞ් 19 අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2020 දෙසැම්බර් මස11වන දින දක්වා දීර්ඝ කර ඇති බව පාඨමාලා සමායෝජක මහාචාර්ය ඩබ්.ඒ.එස්.විඡේකෝන් මහතා දැනුම් දෙයි.










