
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ආහාර විද්‍යා හා තාක්ෂණය පිළිබඳ කර්මාන්ත සංසදය 2019 මැයි මස 24 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත්විණ. මෙම අවස්ථාවට කීර්තිමත් සමාගම් නියෝජිතයින්, කථිකාචාර්යවරුන්, පර්යේෂකයින් සහ උපාධි අපේක්ෂකයින් සහභාගී විය. තවද ව්‍යවහාරික විද්‍යා පීඨ පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක මහතාද, UBL cellහි අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.























